සජිත්ගේ ජයග්‍රහනය සමගින් රාජපක්ෂ බලකොටුවත් බිඳ දමනවා.....

ඔක් 06, 2019

    2020 ජනාධිපති ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය සමගින් රාජපක්‍ෂ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයත් නියත වශයෙන්ම ජයගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    එක්සත් ජාතික පක්‍ෂ හම්බන්තොට දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය. තංගල්ල මැදකැටිය සිලෝන් සි. හෝටලයේදී පැවති මෙම හමුවට දිස්ත්‍රික්කයේ හිටපු සහ වත්මන් මහජන නියෝජිතයින් මෙන්ම පක්‍ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ .

    දිලිප් වෙදආරච්චි මහතා........ "අද සංවිධානය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉතාම සාර්ථකයි . මෙම රැස්වීමට දිස්ත්‍රික්කයේ සියළු මහජන නියෝජිතයින් වගේම පහුගිය කාලයේ පක්‍ෂයේ දේශපාලන කටයුතුවලින් ඇත්ව සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් ,පළාත් සභා සහ පළාත් පාලන මහජන නියෝජිතයින් ද සහභාගී වීම ඉදිරි ජය තහවුරු වීමක් . මොකද පක්‍ෂයෙන් ඇත් වී සිටි සියළු දෙනා නැවත පක්‍ෂය වටා ඒකරාශී කරගැනීමට ලැබීමත් විශාල ජයග්‍රහණයක් . "

    " විපක්‍ෂයේ පොහොට්ටුවෙන් කණ්ඩායම් ගැලවී යද්දී අපි වටා කණ්ඩායම් එක්වීම තමයි ජයග්‍රහණයේ පෙරනිමිති . දැන් බලන්න රටේ ක්‍රියාත්මක වර්ජන රැල්ල , මේ වර් ජන රැල්ල මෙහෙයවන්නේ පොහොට්ටුවෙන් බව අද රහසක් නෙමෙයි. බලය වෙනුවෙන් ජනතව බිල්ලට ගැනීම ඒ අයට හුරු පුරුදු දෙයක්. නමුත් මෙවැනි ජනතාව අපහසුතාවට පත්කරන වැඩ අපිවත්, ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකු අනුමත කරන්නේ නැහැ . එකෙන් පැහැදිලියි ජනාධිපතිවරණය ජයගන්න බැරි බව දන්නා පොහොට්ටුව ජනතාව හිංසනයට ලක් කරන්න කරන වැඩ . මෙවැනි කුමන්ත්‍රණ නැවත්වීම සදහා අද ජනතාව එක්සත් ජාතික පක්‍ෂය වටේ රොක්වෙමින් සිටිනවා . ඒක නවත්වන්න සක්‍රයටවත් බැහැ .

    " අපි අද තීරණය කළා සැලසුම් කළා එක්සත් ජාතික පක්‍ෂය නොවැම්බර් 16 දින ජයගන්න කොට දිස්ත්‍රික්කයත් ජයගැනීමේ වැඩපිළිවෙල. පොහොට්ටුව වැඩවර්ජන රැල්ලක් නිර්මාණය කරමින් දේශපාලනය කරද්දී අපි එක්සත් ජාතික පක්‍ෂය වශයෙන් ජතාතවගේ කැමැත්ත දිනාගනිමින් මැතිවරණයේ ජය වෙනුවෙන් ජනතාව සමග එක්ව කටයුතු කරමින් ඉන්නවා. මේක තමයි වෙනස. වසර 29 කට පස්සේ තමයි අපිට මෙවැනි අවස්ථාවක් ලැබිලා තියෙන්නේ " යැයි දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය .

    Latest News