ශ්‍රී ලංකාවට බෝරවරුන්ගෙන් කෝටි රු:1000 කට අධික ආදායමක්.... කිෂු

සැප් 14, 2019

    කොළඹ නගරය කේන්ද්‍ර කර පැවැති බෝරා සමුළුවට සහභාගි වූ සංචාරකයන්ගෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි දහසකට වැඩි ආදායමක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් මහතා පැවැසීය.

    බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව හේතුවෙන් කොළඹ හෝටල් සහ සුඛෝපභෝගී මහල් නිවාසවල මිල ගණන් සියයට 20 සිට 80 දක්වා ඉහළ ගිය බව ද ඔහු කීවේය.

    ප්‍රධාන හෝටල් ඇතුළු කොළඹ හෝටල්වල කාමර 3000කට අධික ප්‍රමාණයක බෝරාවරුන් රැඳී සිටි බවත්, මේ වන විටත් ඔවුන්ගෙන් පිරිසක් තවමත් සංචාරක හෝටල්වල නතර වී සිටින බවත් කිෂු මහතා අවධාරණය කරයි.

    රටවල් 40කට වැඩි ප්‍රමාණයකින් බෝරා සාමාජිකයන් 21,000කට අධික පිරිසක් පැමිණි බවත්, සමුළුව නිමවීමෙන් පසු මේ පිරිස් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රදේශ වෙත ගොස් සංචාරක පහස විඳගනිමින් සිටින බවත් කිෂු ගෝමස් මහතා පැවැසීය.

    Latest News