එජාප ප්‍රමුඛ සන්ධානය ගොඩනැඟීමේ අවසන් තීන්දුව ලබන සෙනසුරාදා

අගෝ 15, 2019

    ලබන සෙනසුරාදා පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ නායකයින් සහ නියෝජිතයින් අතර හමුවේ දී යෝජිත නව සන්ධානය සඳහා ගිවිසුම අත්සන් කරන දිනය තීරණය කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ මන්නාරම සහ කාවරිද්‍රෝණියේ ගුවන්ගත චුම්භක හා ගුරුත්වාකර්ශන දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ ගිවිසුමට එළඹීමේ අවස්ථාවට අද එක්වෙමින්. ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා....

    “මේ සතියේ සෙනසුරාදා පක්‍ෂ නායකයොයි, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නියෝජිතයොයි හමුවෙනවා. එතනදි අපි විශ්වාස කරනවා අපේ සංශෝධන පිළිබඳ එකඟතාවකට එන්න පුලුවන් කියලා. එදාටම අපි බලාපොරොත්තු වෙනවා අපි සන්ධානය ගිවිසුම අත්සන් කරන දිනයේම අපි අපේක්ෂකයා නම් කිරිමත් යෝජනා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක අපි කරනවා අනිවාර්යයෙන්ම. මිනිස්සු ඉල්ලනා කෙනා තමයි අපි දාන්නේ“. යැයි අමාත්‍යවරයා පැවසීය.

    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ බෙල්ජියෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ සාමාන්‍යාධිකාරී ජෝන් මැක්ෆාලෝන් යන මහත්වරුන් දත්ත රැස් කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීය. ලෝක ප්‍රසිද්ධ තෙල් සමාගම් මෙරට ඛනිජ තෙල් ගවේශනයේ ආයෝජකයින් ලෙස ගෙන්වා ගැනීම මෙහි අරමුණයි. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    “අපිට වායු විතරක් නොවෙයි අපි හිතනවා අපට බොරතෙල් පවා හොයාගන්න අවස්ථාව තියෙයි. මේ වාගේ දේවල්වලට සාමාන්‍යයෙන් අපට භාණ්ඩාගාරයෙන් මුදල් ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ජාත්‍යන්තරයට හරියට දැනුවත් කරනවානම් ලෝකයේ හොඳම ආයතන ටික මෙහාට ඇදෙනවා. මේ වගේ සමාගම් දැන් මේකට ඇදෙන්නේ අද මේ වියදම දරන්නේ තවත් සමාගම් ලංකාවේ ආයෝජනය කරන්න බලන් ඉන්නවා කියන විශ්වාසයත් එක්ක තමයි ඒගොල්ලෝ මේ දත්ත හොයලා මේක අතට ගත්ත ගමන් මේ දත්ත ටික මිලකට ඒ සමාගම්වලට දෙන්න පුලුවන්. සමීක්ෂණයෙන් එන දත්ත ටික වෙනත් ආයතනවලට මිලදි දෙනකොට ඒ ආදායමෙන් සියයට 40ක් එන්නේ ලංකාවට. මේ ගිවිසුම අපිට ඉතා වාසිදායකයි“. යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 20:35

    Latest News