ඔහු අත්අඩංගුවට ගැණුනේ, නාරම්මල පොලිස්ථානයේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකුට ඊයේ රාත්‍රී පහරදීම සම්බන්ධයෙන්. නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොළ මහතා ඊයේ රාත්‍රී නාරම්මල පොලිස් ස්ථානයට පැමිණ අදාළ පොලිස් කොස්තාපල්වරයාට තර්ජනය කර පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. එහිදී තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ සහය ඇතිව පොල්ගම්පොළ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.