අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් හා වෛරී ප්‍රකාශ සිදුකරන්නට එරෙහි නීති දැඩි කෙරේ

ජූනි 07, 2019

    අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් හා වෛරී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ(වැඩබලන) ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    ජාතීන් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධාවන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හා වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවන පරිදි මෙම සංශෝධන සිදු කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකරන ලදි.

    ඒ අනුව අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් වන චෝදනාවට වරදකරුවකු වන පුද්ගලයකුට රුපියල් දස ලක්ෂය දක්වා වන දඩ මුදලක් හෝ වසර 5 කට නොවැඩි සිර දඬුවමක් නියම කිරිමට හෝ එම දඬුවම් දෙකටම යටත් වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කෙරෙනු ඇත.

    Latest News