ජනතාවගේ සහජීවනයට තනතුරු ගන්න; පා.ම. ඩිලාන් මුස්ලිම් ඇමතිවරුන්ගෙන් ඉල්ලයි

ජූනි 06, 2019

    රටේ ජාතික සහජීවනය වෙනුවෙන් චෝදනාවන් නොමැති මුස්ලිම් මැති ඇමතිවරුන් නැවතත් තනතරු භාගෙන කටයුතු කරණ ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඉල්ලා සිටි. 

    ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාත් ඉල්ලීම් කර ඇති බැවින් නැවත සංවාදයක් තුළින් ජනාත සෙවය ආරම්භ කළ යුතු බව අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි කියා සිටියේය.   

    මන්ත්‍රී ඩිලාන් පෙරේරා “මේ වෙලාවේ චෝදනා ලබපු නැති අය මේ කරපු රංගනය පැත්තකට දාලා අන්තවාදී මුස්ලිම් ඇමතිවරු චෝදනා ලබපු අය ආරක්ෂා කරන්න කියන චෝදනාව ගන්න එපා. ඒ චෝදනාව ගන්නේ නැතිව මේ රටේ සිංහල හා මුස්ලිම් දෙමළ ජනතාවට ඒකරාශී කරගත්ත සහජීවන වැඩපිළිවෙළට හවුල් වෙන්න. එහෙම නැත්නම් මේ රට බෙදන වැඩපිළිවෙළට යන්න එපා.

    රතන ස්වාමීන්වහන්සේගේ උපවාසය සිද්ද වුනේ මුස්ලිම් අන්තවාදී ප්‍රචණ්ඩ ත්‍රස්තවාදයට එරෙහිවයි. ඒක මුස්ලිම් සමාජයට එරෙහිව කරපු උපවාසයක් නෙවෙයි නිසා තමයි එස්.බී.දිසානායක ඇමතිතුමාලත් එක්ක මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව රතන ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරන්න ආවේ. ඒ උපවාසය නිසා අපට හැකියාව ලැබුණා මේ මහා අන්තවාදී වැඩපිළිවෙළට සම්බන්ධ වුන ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිතුමා ළගට ගිහිල්ලා ඉල්ලා අස්වීම කරගන්නේ. 

    අපි ස්තූතිවන්ත වෙනවා ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාට මේ කාරණය නිවැරදිව දැකලා චෝදනා නැති සියලුම මුස්ලිම් ඇමතිවරුන්ට නැවත ඒ තනතුරු බාරගැනීම සළකා බලන්න කියන එක. උන්වහන්සේලාව ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ සිංහල,දෙමළ, මුස්ලිම්, ඒ සහජීවනය සදහා අවශ්‍යම කරන වැඩපිළිවෙළක් දියත් කරන්න දායකවීම සම්බන්ධයෙන්. චෝදනා ලබපු නැති ඒ මුස්ලිම් නායකයන්ට මම කියනවා අපි කියන දේ අහලා නෙවෙයි භික්ෂූන් කියන දේ අහලා උන්වහන්සේලා එක්ක සාකච්ජාවකට ගිහිල්ලා වැරදිවලට සම්බන්ධ නැවති අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් අවශ්‍ය කරන පියවර ගන්න.

    ඒ වගේම රතන ස්වාමීන් වහනසේ, ඥානසාර ස්වාමීන් වහන්සේලත් මේ වෙන කොට සිංහල,දෙමළ,මුස්ලිම් කියලා බෙදන්නේ නැතිව මුස්ලිම් සමාජයත් අන්තවාදයෙන් ගලවා ගන්න ඕන කියන තැනට කරුණු පහදමින් ඉන්නවා. මේ වෙලාවේ ෆෙරියල් අෂරොෆ් මැතිනිය වගේ ඉම්තියාස් බාකීර් මැතිතුමා වගේ අලීස් අබ්රි වගේ මුස්ලිම් දේශපාලන හා සමාජ නායකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබතුමාලා පසුගිය දවස්වල මුස්ලිම් අන්තවාදයට විරුද්ධව සමාජයේ මතයක් ගොනුකරමින් මුස්ලිම් හා සිංහල ජනතාව ඒකරාශී කරන්න මාධ්‍ය ඔස්සේ විවිධ කාර්යන් කළා.කබීර් හෂීම් ඇමතිතුමා වගේ ඒ අයට කරුණු පහදලා දීලා සිංහල හා මුස්ලිම් අය අතර ඇතිවන විරසකය ඈත් කරන්නේ නැතිව එය ලංකිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි“ ඔහු ඉල්ලා සිටියේය.

     

     

     

    Latest News