හිස්බුල්ලාට එරෙහිව අධිකරණයට අපහස පැමිණිල්ලක්

ජූනි 06, 2019

    අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ .එම් .හිස්බුල්ලා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත්වේ.

    මාරවිල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු වන ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා විසින් පැමිණිල්ල ඉදිරිපත් කළේය.

    එහි වගඋත්තරකරු ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල් .ඒ. එම්. හිස්බුල්ලා මහතා නම් කර තිබේ. පැමිණිලිකරු කියා සිටින්නේ ඉකුත් මැයි මස 13 වනදා රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වූ හිස්බුල්ලා මාහතා විනිශ්චකාරවරයෙකුගේ මාරු කිරීමක් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවයි.

    ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙන්වාදෙන පෙත්සම්කාර නීතීඥවරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි.

     

    Latest News