ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෑණියන් සමග ජනපති හමුවේ

මැයි 24, 2019

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23) රාත්‍රී උන්වහන්සේ සමග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුව තිබේ.

    ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දී.

    ජනාධිපතිතුමා විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මෑණියන් ජනාධිපතිතුමා සමග සුහද කථා බහක ද නිරත විය.

    වසර 6ක සිරදඬුවමක් විඳි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති පොදු සමාව මත නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට ඊයේ වැඩම කලහ.
    අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කෙරිණ.

    මේ අනුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මාස 9කට ආසන්න කාලයක් වැලිකඩ බන්ධනාගරයේ සිරඳඬුවම් ලැබීය. බන්ධනාගාරයේ වැඩ විසු කාල සිමාවේදී උන්වහන්සේ දරුණු වකුගඩු රෝගී තත්වයකට ගොදුරු වු අතර මාස 02කට ආසන්න කාලයක් ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීය.

    ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බෞද්ධ භික්ෂූන් මෙන්ම දේශපාලනඥයන් සහ විවිධ සංවිධාන වලින් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 12:04

    Latest News