වන අලීන්ටත් කරපටි (වීඩියෝ)

මැයි 20, 2019

    කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ, සිටින වන අලීන්ට ජී.පී.එස්. තාක්‍ෂණය සහිත කරපටි පැළඳවීම මේ දිනවල සිදු කෙරේ.

    වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, වනජීවි දෙපාර්තමේන්තුවයි. වන අලීන් සංක්‍රමණය වන ස්ථාන පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබාගැනීම, මෙහි අරමුණයි. මෙමඟින් අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ වන අලීන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීමට හැකිවනු ඇත.

    එමෙන්ම අලින්ට සිදුවන අනතුරු සහ අවශ්‍ය ප්‍රතිකාර පහසුවෙන් ලබාදීම කළ හැකි බව ද වනජීවි නිලධාරීන් පවසයි. ගිරිතලේ සහ අනුරාධපුර පශු වෛද්‍ය කණ්ඩායම් මේ සඳහා සහභාගි වී සිටී. වැඩසටහන යටතේ පොළොන්නරුව වනජීවි කලාපයේ, අලීන් 6 දෙනෙකුට කරපටි පැළඳවීමට නියමිතයි.

    Last modified on සදුදා, 20 මැයි 2019 21:42

    Latest News