ධීවර සංස්ථා නාමය රකිමින් අලුත් ගමනක්

මැයි 14, 2019

    ඉහළ ගුණාත්මක භවින් යුත් මාළු ලබාදීමේ වෙළද නාමය රැකගනිමින් මාළු බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලංකා ධීවර සංස්ථාව තීරණය කර ඇත.

    ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සහ ලංකා ධීවර සංස්ථාවේ සභාපති , කළමණාකාර අධ්‍යක්‍ෂ සහ සියළු අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ [ 13 ] දින පැවති සාකච්ජාවේ මෙසේ පැවසීය .

    මෙම සාකච්ජාවේදී තීරණය කෙරුණේ, ධීවර සංස්ථාවට මාළු ලබාගැනීමේ ක්‍රමවේදය පුළුල් වෙනසකට ලක් කරමින් කිසිදු අතර මැදියකුගෙන් තොරව සෘජුවම ධීවර ජනතාවගෙන්ම වැල්ලේදීම අවශ්‍ය මාළු තොග මිලදී ගැනීමටය. අදාළ නව වැඩපිළිවෙල මගින් අතර මැදියන් වෙත ලැබෙන විශාල කොමිස් මුදලක් ඉතිරි කර ගැනීමට සේම, අඩු මුදලට ජනතාවට මාළු ලබාදීමේ හැකියාව ලැබෙන බව මෙම සාකච්ජාවේදී අවධාරණය කෙරිණි .

    එහිදී අනාවරණය වුයේ ඇතැම් අවස්ථාවලදී අතරමැදියන්ගේ මැදිහත් වීම නිසා කිලෝවකට රුපියල් තිහත් හතලිහත් අතර මුදලක් කොමිස් ලෙස ගසාකෑමට ලක්වන බවය . සෘජුවම වැල්ලේදී ධීවරයාගෙන්ම මාළු මිලදීගැනීම මගින් එම කොමිස් මුදල ඉතිරි කර ගැනීමේ වාසිය ජනතාවට ලබාදීමට ද මෙහිදී තීරණය කෙරිණ .

    විදිමත් වැඩපිළිවෙලක් යටතේ විනිවිද භාවයකින් යුක්තව අදාළ කටයුතු සිදුකිරීම සදහා අධීක්‍ෂණය සදහාම නිලධාරීන් යෙදවීමටත්, ගෙවීම් කර විගණනය කරනවා වෙනුවට රජයේ පිළිගත් මුදල් ප්‍රතිපත්තිය අනුව ගෙවීමට පෙර අදාළ කටයුතු නිසි ලෙස සිදුව ඇති බවට වන විගණනයට ලක් කර ගෙවීම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත . සිදු විය හැකි අක්‍රමිකතා පාලනය කරගැනීම මෙම වැඩපිළිවෙලේ මුලික අරමුණය .

     

     

     

    Latest News