මධ්‍යම පළාතේ සියළුම සුරාසැල් අද(14) වසා තැබේ

මැයි 14, 2019

    මධ්‍යම පලාතේ අණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත මධ්‍යම පලතේ සියලුම මත්පැන් සැල් අද(14) දින වසා දැමීමට නියෝග කර ඇත.

    මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ නියෝගයක් මත මධ්‍යම පලාතේ සියළුම මත්පැන්සැල් තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.අද (14) උදැසන සිට විවෘත කර තිබු මත්පැන්සැල් අද පස්වරු 2 වන විට වසා දැමිමට මත්පැන්සැල් අයිතිකරුවන් මේ වන විට කටයුතු කර තිබේ.

    මත්පැන්සැල් වසා දැමිම සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යයාලයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ ඇතැම් පලාත්වල මේ දිනවල පවතින නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ අද සිට සතියක් පුරා මධ්‍යම පලාතේ මත්පැන් සැල් වසා දමන ලෙස සුරාබදු කොමසාරිස්වරයාගෙන් ආණ්ඩුකාරවරයා ඉල්ලිමක් කර ඇති බවයි.
    අද දිනයේ මත්පැන්සැල් වසා දමා ඉදිරි දින කිහිපයේදි මත්පැන් සැල් වසා දැමිම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිරණයකට එළඹිය හැකි බව සුරාබදු කොමසාරිවරයා විසින් ආණ්ඩුකාරවරයාව දැනුවත් කර ඇති බවයි මධ්‍යම පලාත් ආණ්ඩුකාර කාර්යයාලයේ නිලධාරියා කියා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 14:52

    Latest News