ධීවර සංස්ථාවට වාර්තාගත අලෙවියක්

අප්‍රේ 15, 2021

    ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ ඉතිහාසයේ වැඩිම එක් දිනක අලෙවිය වාර්තා කල දිනය බවට අප්‍රේල් මස 12 වැනි දින පත්ව ඇතැවි එම සංස්ථාව සදහන් කරයි.

    දෛනිකව මත්ස්‍ය කිලෝ 14,000-15,000ක් අතර සාමාන්‍යයයකින් අලෙවි කරන ධීවර සංස්ථාව පසුගියදා (12) මත්ස්‍ය කිලෝ 27,600කට අධික එක් දිනක වාර්තාගත අලෙවියක් සිදු කර තිබේ. 

    ධීවර සංස්ථාවේ ඉතිහාසයේ කිසි දිනක කිලෝ 20,000 සීමාව මෙයට පෙර ඉක්මවා නොමැත.

    පසුගිය කාලය පුරාම අඩු ආදයම් ලබමින් පැවති ධීවර සංස්ථාව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ අධීක්ෂණයෙන් නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ නව අලෙවි ජාලයක් ඇති කිරීම සහ නව ක්‍රමවේදයක් තුල කළමණාකරණය සිදු කරමින් පවතී.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 10:43

    Latest News