උණුසුම තවදුරටත් ඉහළට

මැයි 13, 2019

    දිස්ත්‍රික්ක 20 කට පවතින උණුසුම් තත්ත්වය අද (13) දිනයේදී ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    මෙහිදී කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, කුරුණෑගල, අම්පාර, මොනරාගල යන දිස්ත්‍රික්ක 11 තුළ වැඩි අවධානයක් යොමුකළ යුතු මට්ටමේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

    මීට අමතරව යාපනය, පුත්තලම, මාතලේ, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක 09 තුළ අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් තත්වයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Latest News