පෙට්‍රල් ලීටරයක මිල ඉහළට...... ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් නැහෑ

මැයි 10, 2019

    ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (මැයි 10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධන කිරීමට රජය තීරණය කර ඇත. 

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3/=කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5/=කින් ද ඉහළ දමා තිබේ.

    කෙසේ වෙතත් ජනතාවට සහ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට අයහපත් සිදු වීම වළක්වමින් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2/=කින් ඉහළ දමා ඇත.

    ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.

    ඉන්ධන වර්ගය

    වත්මන් මිල

    සංශෝධිත මිල

    මිලෙහි වෙනස

    ඔක්ටේන් 92 පෙට්‍රල්

    132/=

    135/=

    3/=

    ඔක්ටේන් 95 පෙට්‍රල්

    159/=

    164/=

    5/=

    ඔටෝ ඩීසල්

    104/=

    104/=

    0

    සුපිරි ඩීසල්

    134/=

    136/=

    2/=

    පසුගිය අප්‍රේල් උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යමින් තිබුණ ද මෙරට ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකර සිටීමට රජය පියවර ගත්තේ ය.

    Latest News