මුස්ලිම් පල්ලියට හා භාරකරුවන්ට ඇමතිගෙන් උපදෙස් මාලාවක්

මැයි 10, 2019

    මුස්ලිම් පල්ලි සහ පුණ්‍යභාර අරමුදල් හෝ වකුප් පනතේ විධිවිධාන ප්‍රකාරව පල්ලිවල පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ පූර්ණ වගකීම ඒවායේ භාරකරුවන් සතු වන බව, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

    රටේ වත්මන් තත්වය සැලකිල්ලට ගෙන, මුස්ලිම් පල්ලිවල සියලුම භාරකරුවන් වෙත අමාත්‍යාංශය උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ. ඒ අනුව සියලම දෙනා වෛරය හෝ කිසිදු ආකාරයක අන්තවාදයක් ප්‍රවර්ධනය කිරීමේ හෝ ප්‍රචාරනය කිරීමේ කටයුතුවලින් වැළකී සිටිය යුතුයි.

    කිසිදු කණ්ඩායමකට එවැන්නක් සඳහා ඉඩ ලබා නොදෙන අතර, එවැනි දෙයක් සිදුවුවහොත්, වකුප් නීතිය මෙන්ම රටේ අනෙකුත් නීති යටතේ අදාළ පල්ලියේ බාරකාර මණ්ඩලය ඊට මුළුමනින්ම වගකිව යුතු වේ. එමෙන්ම, මුස්ලිම් පල්ලිවල ජුම්මා හෝ වෙනත් ශ්‍රව්‍ය දේශන සිදු කිරීමේදී ඒවා පටිගත කර මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස දැනුම් දී ඇත.

    ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ආරක්‍ෂක අංශ ගන්නා ක්‍රියාමාර්ගවලට පූර්ණ සහයෝගය හා උපකාරය ලබාදීමට වගබලා ගන්නාලෙස අමාත්‍ය අබ්දුල් හලීම් මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් මගින් අවධාරණය කර තිබේ.

    Latest News