දෙමටගොඩ ත්‍රස්තවාදින්ගේ නිවසින් සොයාගත් මැණික් වලට සහතියක්

මැයි 10, 2019

    දෙමටගොඩ මහවිල උද්‍යානනයෙ නිවසෙන් සොයාගත් මැණික් 03 බ්ලූ සැෆායර් වර්ගයේ මැණික් බවත් එවා මියගිය ත්‍රස්තවාදින්ගේ පියාවන ඊබ්‍රහිම් මොහොමඩ්ට අයිති බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවේ සඳහන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දෙනු ලැබිණ.

    මැණික් බවට අනුමාන කරන පාෂාණ වල වටිනාකම පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති වරයාට මහේස්ත්‍රාත් වරයා පසුගියද නියෝග කලේය. ඒ අනුව එම වාර්තාව ඒවා ඇති බවත් එම මැණික් ගල් තුනේ වටිනාකම රුපියල් එක්කෝටි දෙලක්ෂ පනස් දහසක් බවට තහවුරු කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. මෙම මැණික් ගල් තුන ඇතුලු අනෙකුත් වටිනා භාණ්ඩ සදහා මුදල් විශුද්ධිකරණයය පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් යටතේ ක්‍රියා කරන බවත් එම දේපල රාජසන්තක කිරීමට කටයුතු කරන බවට මහේස්ත්‍රාත් වරයා හමුවේ රහස් පොලිසිය දැනුම් දුන්නේය. මෙම බ්ලූසැෆායා මැණික් ගල් තුන ශ්‍රී ලංකා මහබැංකුවේ සේප්පුවක රඳවා තබන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධ නියෝගය ලබන 12 වනදා ලබා දෙන බව මහේස්ත්‍රාත් වරයා කියා සිටියේය.

    පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

     

    Latest News