හමුදා ඇඳුමට සමාන ඇඳුම් කට්ටල 5ක් පාදුක්කෙන් 

අප්‍රේ 30, 2019

    පාදුක්ක,කුරුණෑගල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි සිටි මුස්ලිම් තරුණයෙක් සතුව තිබී හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    28 හැවිරිදි ඔහු තනුදීන් මොහම්මදු රුක්ෂාන් නමැති අයෙකි. ඔහු සතුව තිබී ජංගම දුරකථන අටක්,පාස්පෝට් එකක් හා විදේශීය මුදල් නෝට්ටු දෙකක් සමග මිලිටරි ලාංජනයක් සමග ටී ෂර්ට් එකක්ද සොයා ගැනිණ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කරන ලද ලොරි රථයක් හා යතුරු පැදියක් ද සමග මෙම පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගැනිණ. කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු කූරුගල ප්‍රදේශයට මීට වසරකට පෙර පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය විය.

    සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසියා හා යුද හමුදාව එක්ව අවට ප්‍රදේශවයන් හා නිවාස රැසක් පරීක්ෂාවට ලක් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 09:45

    Latest News