බෙලිඅත්ත දුම්රිය හැරවුමේ සුළු ගිලාබැස්මක්: මගී ප්‍රවාහනය බලවේගයෙන් (ඡායාරූප)

අප්‍රේ 12, 2019

    දින කීපයකට පෙර ජනසතු කරන ලද මාතර - බෙලිඅත්ත නව දුම්රියට මාර්ගයට අයත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ එංජිම් හැරවීම සිදුකරන ස්ථානයේ සුළු ගිලා බැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

    මේ හේතුවෙන් මාතර දුම්රිය ස්ථානයේ සිට එන එංජිම සහිත දුම්රිය බෙලිඅත්ත දක්වා අද දිනයේදී ධාවනය කර නොමැත. ඒ වෙනුවට මැදිරි කීපයක් සහිත බලවේග කට්ටල දුම්රියක් පමණක්අද දිනයේදී ධාවනයේ යොදවා තිබිණි.

    බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුරබැහැර ප්‍රදේශවලට යන මගීන් බලවේග කට්ටල දුම්රියකින් මාතර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එතැන් සිට නැවත ඔවුන්ට වෙනත් දුම්රියක නැග ගමන් කිරීමට සිදුව තිබිණි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (11) පස්වරුවේ බෙලිඅත්ත ප්‍රදේශයට ඇති වූ අධික වර්ශාව හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය එංජිම හැරවීම සිදුකරන ස්ථානයේ මිලිමීටර් දශම ගණනක සුළු බැස්මක් ඇති වී ඇති බවයි. මේ අනුව බෙලිඅත්ත දක්වා දුම්රිය එන්ජින් ධාවනය අද දිනයේදී සිදුනොකළ බව ඔහු කියා සිටියේය. දැනට අළුත්වැඩියා කටයුතු සිදුකෙරමින් පවතින අතර එය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ හැකි බවද හෙතෙම පැවසියිය.

    beleaththarailway1 px 900 1

    beleaththarailway2 px 900 1

     

     

     

     

     

     

     

     

     

     

    Latest News