රුපියලේ ශක්තිය යළිත් වැඩිවේ; විදේශිය ලැබිම් ද ඉහළට

අප්‍රේ 12, 2019

    සතියක් තුළ තෙවන දිනටත් ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (12) ඉහළ ගොස් තිබේ.

     ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.5047ක් ලෙසින්ද ගැනුම් මිල රුපියල් 172.66 ක් ලෙස පහළ ගොස් තිබේ.

    ඉකුත් වසරේ පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව අවප්‍රමාණය වු අතර නැවතත් රුපියලේ වටිනාකම ඉහල යාම ආරම්භ වුයේ මේ වසරේ මාර්තු සිටයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍ය ශීලි විනිමය අනුපාත ක්‍රමය අනුගමනය කරන අතර ඩොලර් වලට ඇති ඉල්ලුම සහ සැපයුම අනුව රුපියලේ වටිනාකම තිරණයවේ. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් විදේශයේ සිටින ශ්‍රී ලාංකීකයින් මේ මෙරට සිටින තම නැදැයින්ට සහ හිත මිතුරන්ට විදේශ මුදල් එවීම ද ඩොලරයේ වටිනාකම ඉහළ යාමට බලපා ඇතැයි මහ බැංකුව පවසයි.

    එ අනුව ශ්‍රී ලංකා රුපියල ආසියානු කලාපයේ වැඩිම අධිප්‍රමාණයට ලක් වූ මුදල් ඒකකය බවට පත්ව තිබේ. එය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 3.7%  අධි ප්‍රමාණය විමක් ලෙස සටහන්ව ඇත.

    එ අනුව ඩොලර් බිලියන 6ක් පැවති මහ බැංකු සංචිතය ඩොලර් බිලියන 7.6 දක්වා වර්ධනය වි තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාස ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.69 දක්වා ඉහළ ගියේය.

    slrupee1 px 900 19 04 12

    Last modified on සිකුරාදා, 12 අප්‍රේල් 2019 18:34

    Latest News