තට්ටු නිවාස මිළ දී ගැනිමේ දි සැළකිලිමත් වන්න

අප්‍රේ 12, 2019

    පරිසර සහතික හොරට ගත් තට්ටුගෙවල් (Apartment ) රට පුරා පවතින බැවින් තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය දැනුම් දීමක් කර තිබේ.

    එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනුයේ, මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ලාභ උපයන ව්‍යාපාරය Apartment හෙවත් තට්ටු නිවාස සාදා විකිණීමේ ව්‍යාපාරය බවයි. තට්ටු නිවාස සෑදීම සදහා ආයතන කිහිපයකින් නිසි අවසර පත් ලබා ගත යුතු වුවද ඇතැම් සමාගම් එවැනි අවසර නීත්‍යානුකූල නොවන ආකාරයට ලබා ගන්නා බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

    බස්නාහිර පළාතේ මෙවැනි තට්ටු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති 500 ක් සදහා මධ්‍යම පරිසර අධිකාරිය අවසර දී ඇතත් ඒයින් සමහර නිවාස ව්‍යාපෘති සදහා අවසර ලබා දීම මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිළධාරීන් පවා දැනුවත් නොවේ. එහෙත් අදාල අනුමැතිය සදහා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිළධාරියාගේ අනුමැතිය අත්‍යවශ්‍යය.

    මෙවැනි තට්ටු නිවාස සදහා පාරිභෝගිකයා මුදල් ගෙවනු ලබන්නේ තට්ටු නිවාස ඉදිකිරීමට ප්‍රථමයි. එම නිසා ශ්‍රී ලංකාවාසී සියලු පාරිභෝගිකයින්ගෙන් මෙවැනි තට්ටු නිවාස මිලදී ගැනීම සදහා මුදල් ආයෝජනය කිරීමේදී ප්‍රවේශම් වන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටි.

    Latest News