“රට වෙනුවෙන් එකට සිටිමු” මඩලපුවේ සමාප්තිය අද

අප්‍රේ 12, 2019

    “රට වෙනුවෙන් එකට සිටිමු” මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අද (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව නගරයේ දී පැවැත්වේ.

    ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ජනතාවට උපරිම සේවාවන් හා ප්‍රතිලාභ ලබා දීම “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනේ අරමුණයි.

    මෙම ජාතික වැඩසටහනේ පළමු අදියර පසුගිය මාසයේදී පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.

    දෙවන අදියර පසුගිය අප්‍රේල් මස 08 වැනි දින මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණ.

    “ස්මාට් ශ්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයේ මඩකලපුව දිස්ත්‍රික් වෘත්තිය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ද අද ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතයි.

    Latest News