නිදන් කැණීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

අප්‍රේ 12, 2019

    නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු පොළොන්නරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනී.

    පොළොන්නරුව පුරාවස්තු ආරක්ෂණ අංශයේ නිළධාරීන් වැටලීම සිදුකර තිබේ.

    සැකකරුවන් දෙදෙනා කුළි පදනම මත සිටි නිවසක කැණීම් සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් 21 හැවිරිදි කාන්තාව හා 31 හැවිරිදි පුද්ගලයා කඩවත හා මින්නේරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

    ඔවුන් අද (12) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News