විදේශ ලේකම් රවීනාතගේ ක්‍රියාවකට UNP පසු පෙළ මන්ත්‍රී විරෝධයක් (වීඩියෝ)

අප්‍රේ 11, 2019

    පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වූ බව පවසමින්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද කථානායකවරයා වෙත ලිපියක් භාර දුන්නේය.

    ඒ, පසුගිය නොවැම්බර් මස 10 වැනිදා විදේශ අමාත්‍ය ලේකම් රවිනාථ ආරියසිංහ මහතා විසින් විදේශ දූත මණ්ඩල වෙත යවන ලද ලිපියක් සම්බන්ධයෙනුයි. අදාල ලිපිය මගින් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා, කතානායකවරයාට සහ පාර්ලිමේන්තුවට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට මෙමගින් හානිකර ඇති බවත්, මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත්, අදාළ ලිපියෙන් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා....
    “ලංකාවේ පාර්ලිමේන්තුවටත්, කතානායකතුමාටත් අපහාස කරලා, චෝදනා කරලා, මන්ත්‍රී වරප්‍රසාද හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකරමින් විදේශ අමාත්‍යාංශය මේ ලිපිය යවලා තියෙනවා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාදය හා බලතල පනත යටතේ මේක දඬුවම් ලබන්න පුළුවන් වරදක්. කතානායකතුමාගෙන් අපි ඉල්ලා සිටියා වහාම මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න කියලා“ යැයි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 20:29

    Latest News