කල් ඉකුත් වූ සහල් 2000kgක් කළුතර දී අල්ලයි

අප්‍රේ 05, 2019

    පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් සොයා ගැනීමට කළුතර සෞඛ්‍ය විද්‍යායතනය සමත් වී තිබේ.

    කළුතර සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේ තොග අලෙවි සැලක් පරීක්ෂා කිරීමේදී මෙම සහල් තොගය සොයා ගෙන ඇත. පිටකවරයේ සඳහන් සහල් වර්ගය වෙනුවට වෙනත් වර්ගයක සහල් 2,000kgක් මෙහිදී සොයා ගෙන තිබේ. එහි නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනයද වෙනස් කර තිබී ඇති අතර එම සහල් පරීක්ෂා කිරීමේදී ගුල්ලන් සිටි බවද සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.

    මේ අතර රසායනික දියර යෙදූ භාජනයක ගොරකා 100kgක් තිබී අත්අඩංගුවට ගැනීමට ද හැකිව තිබේ. තවදුරටත් ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන බව වාර්තාවේ. අදාළ වෙළෙඳසැල් හිමියාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට නියමිතයි.

    ආහාර සුරකෂිතා සතිය වෙනුවෙන් දිවයිනපුරා ආපන ශාලා, වෙළෙඳ සැල් සහ හෝටල් පරීක්ෂා කිරීම විවිධ ප්‍රදේශවල සිදු කෙරේ. උදාවන අවුරුදු සමයේ කල් ඉකුත් වූ හා ප්‍රමිතිගත නොවූ ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම මෙහි අරමුණයි.

    Latest News