කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

අගෝ 24, 2024

    නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයේ පෙරහර මංගල්‍යය අද සහ හෙට දින පැවැත්වීමට නියමිතව ඇත. 

    එබැවින් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම්දී තිබේ.  නවගමුව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ මහා පෙරහර ‍මංගල්‍යය පැවැත්වෙන 2024.08.24 වන අද දින සහ 2024.08.25 යන දෙදින තුල පහත දැක්වෙන පෙරහර වීථි සංචාරය කරන වේලාවන්හි අවිස්සාවේල්ල - කොළඹ 143 පරණ පාර මාර්ගය භාවිත කරන මහජනතාව සහ රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම්දීමක් කර ඇත.

    • 08.24 රාත්‍රී 08.00 සිට අළුයම 02.00 දක්වා
    • 08.25 උදෑසන 08.00 සිට දහවල් 01.00 දක්වා

     

    විකල්ප මාර්ග

     

    1. අවිස්සාවේල්ල - කොළඹ 143 මාර්ගය ඔස්සේ ධාවනය වන වාහන රණාල සියඹලාගස් හන්දියෙන් වමට හරහා 698 මර්ගය ඔස්සේ ඔුවල හන්දියට ගොස් ඍූවල හන්දියෙන් දකුණට හරහා 697 මාර්ගය ඔස්සේ වෙලේ හන්දියට පිවිස කොළඹ දෙසට ගමන් කිරීම

     

    2. කොලඹ දෙස සිට හංවැල්ල දෙසට 143 වාර්ගයේ ධාවනය වන වාහන වෙලේ හන්දියෙන් දකුණර හරහා 697 මාර්ගයේ ගොස් ඔරුවල හන්දියෙන් වමට හරවා රණාල සියඹලාගස් හන්දියෙන් දකුණට හැරී හංවැල්ල දෙසට ධාවනය කිරීම‍.

     

    අදාල පොලිස් නිවේදනය පහතින්.............

     

     

     

    Patthini Dewalaya

     

    Latest News