රාජකාරිය දේවකාරියසේ ඉටුකිරීමට ගොස් ජීවිතයෙන් සමුගත් ලංගම රියදුරු

අගෝ 24, 2024

    අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඉඟිනියාගල පොලිස් බල ප්‍රදේශයේ දේවාලහිඳ ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් එක් මගියෙකු තුවාල ලබා තිබේ.

    අනතුරට හේතුව වී ඇත්තේ බස් රථයේ රියදුරුට හදිසියේ ඇතිවූ හෘදයාබාධයකි. ඊයේ රාත්‍රී (23) රාත්‍රී 07.00 ට පමණ අම්පාර ශ්‍රී ලංගම ඩි‍පෝවෙන් කොළඹ බලා බස් රථයක් පිටත්වී ඇති අතර රියදුරුට ඇතිවූ යම් අසනිප තත්වයක් නිසා ඔහු බස් රථය ඉඟිනියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගොස් ප්‍රතිකාර ලබාගෙන ගෙන නැවත කොළඹ බලා බස් රථය ධාවනය කර ඇත.

    ඔහුගේ අසනීප තත්ත්වය බැරෑරුම් බැවින් බස් රථය ධාවනය නොකරන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දී ඇතත්, වෙනත් රියදුරෙක් නොමැති බැවින් තම රාජකාරිය ඉටුකළ යුතු බැවින් ඔහු කොළඹ බලා බස් රථය ධාවනය කර ඇත. කෙසේ වෙතත් වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගෙන සැතපුම් 10ක් පමණ බස් රථය ධාවනය කරන විට රියදුරා නැවත අසනීප වී බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබුණි.

    ඒ රියදුරුට ඇතිවූ හෘදයාබාධයක් නිසාවෙනි. බස් රථය පාරෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් නැවතී තිබේ. පසුව මඟීන් කඩිනමින් රියදුරු ඉඟිනියාගල රෝහලට ඇතුළත් කර ඇතත්, ඒ වනවිටත් රියදුරු මියගොස් සිටි බව පොලීසිය පවසයි. මියගොස් ඇති බස් රථ රියදුරා 49 හැවිරිදි මංජුල ප්‍රසන්න නැමැති පරගහකැලේ පදිංචි දෙදරු පියෙකි.

    Latest News