මෛත්‍රී හෙට CID යට

මාර් 24, 2024

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

    ඒ අනුව හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව, හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරන්නේ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

    ඒ අනුව පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා. ඒ අනුවයි, මෛත්‍රීපාල සිරිසේන මහතාට හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ. 

    Last modified on ඉරිදා, 24 මාර්තු 2024 16:39

    Latest News