ශ්‍රී ලංකාව ලකුණු 211ක් ඉදිරියෙන්

මාර් 23, 2024

    බංග්ලදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 119ක් ලබාගැනීමට සමත්වුණා.

    අද තරගය ආරම්භ කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 32ක් ලබා සිටියා. අද දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ මොහොමදුල් හසන්. ඒ ළහිරු කුමාර යැවූ පන්දුවක් හමුවේ.

    බංග්ලාදේශ ඉනිමේ ඉතිරි කඩුලු 6 ලකුණු 105ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමත්වුණා. ඔවුන්ට පළමු ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 188ක් පමණයි. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක්, කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලු 3 බැගින් දවා ගත්තා.

    ලකුණු 92ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල දෙවන දිනය නිමා වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 119ක් රැස්කර ගැනීමට සමත්වුණා. නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 23ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 02ක් ලබාගෙන සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 211ක් ඉදිරියෙන් පසුවනවා.

    Latest News