A-27ක් ලබාගත් කුලියාපිටිය තුන් නිවුන් දරුවන් (විඩියෝ)

මාර් 29, 2019
  • මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සහෝදර, සහෝදරියන් තිදෙනෙක් ඒ සාමාර්ථ 9 ලබා සමත්ව ඇති පුවතක් වාර්තා වේ.

    නාගොල්ලාගොඩ, පිහිඹිය ප්‍රදේශයේ පදිංචි ඊ.එම්. දිව්‍යාංජලී දෙව්මිණි කුමාරසිංහ, ඊ.එම්.නවාංජලී නෙත්මිණි කුමාරසිංහ හා ඊ.එම්.ප්‍රියංජන කුමාරසිංහ සිසුන් 2018 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට සිංහල මාධ්‍යයෙන් පෙනී සිට ඇත.

    පාසල් යන කාලයේ පාසලේ පළමු, දෙවන, තෙවන ස්ථාන අතර සිටි මොවුන් පවුලේ තුන් නිවුන් දරුවන්. ආත්ම ශක්තියත්, කැපවීමත්, නිසා තමන්ට මෙම කඩ-ඉම සාර්ථකව ජයගන්නට හැකිවූ බව දරුවන්ගේ අදහසයි. තම පියා හොඳම යහළුවෙක් ලෙසත්, මව හොඳම යෙහෙළිය ලෙස සැලකූ මොවුන්ට මුහුණු පොතේ ගිණුම් සහ ස්මාර්ට් ජංගම දුරකතන නොමැති බව පවසයි.

    අනාගතයේ වෛද්‍යවරුන් වීමට සිහින දකින තුන් නිවුන් සහෝදරයින් සිය පවුලට, පාසලට වගේම සමාජයටත් ආදර්ශවත් දරුවන් තිදෙනෙක්.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 20:33

    Latest News