දෙමාපියන්ගේ පසුම්බියට වාසියක්

අප්‍රේ 24, 2023

    පාසල් දරුවන්ගේ මවුපියන්ට ලබාදෙන සහනයක් ලෙස සියලු අපහසුකම් මැද වුවත් පාසල් ප්‍රවාහන ගාස්තු 5% ත්-8%ත් අතර ප්‍රමාණයකින් ලබන මැයි (01) සිට අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමය ප්‍රකාශ කරනවා.

    මේ සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති හරිශ්චන්ද්‍ර පද්මසිරි මහතා අදහස් දක්වමින් කියා සිටියේ ටයර් ඇතුළු අමතර කොටස්වල කිසිදු අඩුවීමක් සිදුව නොමැති බවයි.
    මේ සඳහා රජය සහනයක් ලබාදුන්නොත් තවත් පාසල් ප්‍රවාහන ගාස්තු අඩුකිරීමට පියවර ගත හැකි බව පැවැසීය.

    කෙසේ වෙතත් මේ සියලු අපහසුකම් මැද වුවත් පාසල් දරුවන්ගේ මවුපියන්ට මෙම සහනය ලබාදීමට සංගමය තීරණය කර තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

    Latest News