පාස්කු දේව මෙහෙය සජීව විකාශය හෙට (09) අළුයම 5.00 ට ජාතික රූපවාහිනියෙන්

අප්‍රේ 08, 2023

    මෙවර පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (09) කොටහේන ශාන්ත ලුසියා ආසන දේව්මැදුරේදී පැවැත්වීමට නියමිතයි.

    බියකින් හා සැකෙන් තොරව ඊට සහභාගි වන ලෙස, අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  

    කඳාන ආසන දෙව් මැදුරේ පැවැත්වෙන පාස්කු දේව මෙහෙය හෙට අළුයම 5.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙනවා.

    Latest News