තවත් චීන සහල් තොගයක් බෙදයි

නොවැ 20, 2022

    චීන රජය, මෙරටට තවත් මෙට්‍රික් ටොන් දහසක සහල් තොගයක් ප්‍රදානය කර තිබෙනවා. මෙරට පාසල් දරුවන්ට ආහාර සැපයීමේ වැඩසටහන යටතේයි, සහල් තොගය පිරිනමනු ලැබුවේ.  

    එම සහල් රැගත් නෞකාව, ඊයේ උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා. කඩිනමින් එම තොග බෙදාහැරීමට නියමිතයි. ඉකුත් ජුනි මස සිට මේ දක්වා චීන රජය විසින් මෙරටට ලබාදී ඇති සහල් ප්‍රමාණය, මෙට්‍රික් ටොන් 7,000ක්.

    Latest News