එළවළු - පළතුරු ආරක්ෂාවට දඹුල්ලට ශීතාගාරයක්

මාර් 19, 2019

    අතිරික්ත එළවළු තොග කල්තබා ගැනීමේ ශීතාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ මස 30 වැනිදා ආරම්භ කෙරේ.

    කාලයක සිට එළවළු පලතුරු විශාල වශයෙන් අපතේ යෑම වැලැක්විමේ විකල්පිය වැඩසටහනක් ලෙස ශීතාගාරය ඉදිකිරිම සිදුවේ.

    සීමාසහිත සමස්ත ලංකා කෘෂිකාර්මික සමුපකාර සමිතිය, දඹුල්ල කෘෂිකාර්මික සමුපකාර සමිතිය එක්ව ව්‍යාපෘති වාර්ථාවක් සකසා අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා හරහා ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යාංශය වෙත යොමු කිරීමෙන් මෙම ශීතාගාර දඹුල්ලට ලබාගත් සමස්ත ලංකා කෘෂිකාර්මික සමුපකාර සමිතියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ. ජී. දීනදාස මහතා පැවැසීය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දියානු රජයෙන් රුපියල් කෝටි 30ක මූල්‍යාධාර සහ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 25ක් ශීතගාරය බදිරිකිරිමය වැය කෙරේ.

    මාස හයක් ඇතුළත එළවළු පලතුරු කල්තබා ගැනීමේ සීතාගාරයේ ඉදිකිරීම් අවසන්වේ.

    මෙම ශිතාගාරය නවීන තාක්ෂණයෙන් සමන්විතව ඉදිරිවන අතර ඕනෑම ගොවි මහතෙකුට තම වැඩි අස්වැන්න ශිතාගාරය තබා ඕනෑම තැනකට අලෙවි කිරීමට හැකිවන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කොට තිබේ. ගබඩා කර තබන එළවළු කිලෝවකට ගොවියෙකු විසින් ශත දහයක නඩත්තු මුදල් ලෙස ගෙවිය යුතු යයි දිනදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ගොවීන් විසින් ශීතාගාරයේ තබන එළවළු සහ පලතුරු විදේශ රටවලට අලෙවි කිරීමේ නව වැඩපිළිවෙළක් සහ දේශීය වශයෙන් ඒවා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් සැලසුම් කොට තිබේ.

    එළවළු සහ පලතුරු අස්වැන්න වැඩි වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ ඒවා අලෙවි නොවී විශාල වශයෙන් වන සතුන්ට ආහාර සඳහා අරගෙන ගොස් දැමූ බවත් ශිතාගාරය ඉදිකිරීමෙන් පසු එළවළු පලතුරු විනාශ නොවී කල් තබාගැනීමට හැකියාව පවතින බව දීනදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එළවළු සහ පලතුරු කල්තබා ගැනීමේ ශිතාගාරය ඉදිකිරීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 7 ක භූමි භාගයක් ලබාදී තිබේ.

    Latest News