දැදුරු ඔය ජලාශයත් වාන් දමයි....

ඔක් 21, 2022

    දැදුර ඔය ජලාශයේ වාන් දොරටු අටෙන් එක් දොරටුවක් අද දහවල් විවෘත කෙරුණු බව, එම ජලාශය බාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පවසනවා.

    තත්පරයට ඝණ අඩි 700 ක ජල ධාරිතාවක් දැදුරු ඔයට මුදා හැරෙනවා. දැදුරු ඔය පහළ ප්‍රදේශයට සුලු වශයෙන් හෝ ගංවතුර තත්වයක් මින් ඇති නොවන බවයි, වාරි ඉංජිනේරුවරයා පවසන්නේ.

    Last modified on සිකුරාදා, 21 ඔක්තෝබර් 2022 18:41

    Latest News