අතුරුදන්වුවන්ගේ පවුල්වල උන්නතියට එකවර මුදලක් 

ඔක් 11, 2022

    අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වල උන්නතිය උදෙසා එකවර මුදලක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 

    ඒ අනුව, අතුරුදන් වූ තැනැත්තාගේ ළඟම ඥාතියාට රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත හැකියි.

    ගෙවීම් සිදු කිරීමේදී රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් නිකුත් කරන දක්නට නොලැබීමේ සහතිකය පදනම් කර ගනු ඇති. අදාළ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට හානි පූර්ණ කාර්යාලය විසින් තහවුරු කර ගෙන ඇත්නම්, ගෙවනු ලබන මුදල රුපියල් ලක්ෂ 2 දක්වා ඉහළ නැංවෙනු ඇති.

    මීට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ, අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතායි.

     

     

    Latest News