කියත් කාලය අවසන්

මාර් 15, 2019

    යාන්ත‍්‍රික කියත් හෙවත් චේන් සෝ යන්ත‍්‍ර ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් (15) අවසන් වේ.

    ලියාපදිංචි කිරීම් කාලය අවසන්වීමට නියමිතව වූයේ ඉකුත් පෙබරවාරි මස 28 දිනයි. නමුත් ලියාපදිංචි කිරීමේ කාලසීමාව අද (15) දිනය දක්වා දීර්ඝ කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කළේය. වන විනාශය අවම කිරීමේ අරමුණින් යාන්ත‍්‍රික කියත් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරිණ. ලියාපදිංචි කිරීමෙන් පසු එම කියත් සඳහා බලපත‍්‍ර ලබාදීමට ද නියමිතයි.

    Latest News