ප්‍රවාහන පහසුකම් අඩුවීම නිසා යම් ගැටලුවලට මුහුණදුන් ගුරුවරුන්ට හා දරුවන් සම්බන්ධයෙන් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉන්ධන හිඟය මත ඇති වූ අපහසුතාව මත කොළඹ අධ්‍යාපන කලාපයේ සහ සෙසු පළාත්වල නගරබද පාසල් ජූනි 27 වැනිදා සිට සතියට දින 3ක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර පියවර ගෙන තිබුණා.