යාපනය සහ ඉන්දියාව අතර ගුවන් ගමන් යලි  ඇරඹේ...

අගෝ 06, 2022

    වසර දෙකකට පසු  යාපනයේ සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් යලි  ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා.

    යාපනය පලාලි ගුවන්තොටු පොළේ සිට‍ ඉන්දියාවේ චෙන්නායි ‍ගුවන්තොටුපොළ දක්වා සේවා ක්‍රියාත්මකයි.  ලබන සතියේ සිට නව ගුවන් ගමන් ආරම්භ කරන බව උතුරු පළාත් ‍ලේකම් එස්.එම්. සමන් බන්ධුලසේන මහතා පවසනවා. ඒ සමගම පලාලි සිට රත්මලාන දක්වා ගුවන් ගමන් ද ආරම්භ කිරීමට නියමිතයි. 

    2020 මාර්තු 15 දක්වා මෙම ගුවන් සේවාව පැවැති අතර කොවිඩ් අර්බුද හා ඉන්ධන ගැටලු හේතුවෙන් එය ඇණහිටියා. එය ආරම්භයේදී  සතියට දින තුනක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙ‍ණවා.  අනතුරුව දිනපතා ගුවන් ගමන් සිදු කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ. මේ වන විට පලාලි ගුවන් තොටුපොළේ මූලික ප්‍රතිසංස්කරණ කටයුත සිදු කෙරෙණවා. ඊට මිලියන 3 ක් වෙන් කර තිබෙනවා.

    Latest News