QR ලියාපදිංචිය පැය 48කට නවතයි

අගෝ 06, 2022

    ඉදිරි පැය 48 තුළ ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේතයට ලියාපදිංචි වීමට අවස්ථාව නොලැබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගනක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ලියාපදිංචිවීමට අවස්ථාව නොලැබෙන බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    අදාළ නඩත්තු කටයුතු අවසන්වීමෙන් පසු නැවත QR කේතයට ලියාපදිංචිවීමට අවස්ථාව උදාවෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    9ce8ca1b398a3d66c7e089cc8e638f35

    Latest News