කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

ජූලි 26, 2022

    පැවති තත්වයත් සමග කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව වසංගත රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

    එම නිසා නිසි ප්‍රමිතියෙන් යුත් මුව ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  ඔහු සඳහන් කරන්නේ, ලොව පුරා නව ඔමික්‍රෝන ප්‍රභේදයේ අනු, ප්‍රභේද ව්‍යාප්ත වීමක් වාර්තා වන අතර, අප රට තුළද ඉදිරියේදී රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි. 

    එන්නත්කරණය පිළිබඳ අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ, වර්ධක මාත්‍රා ලබා නොගත් අය හැකි ඉක්මණින් සෞඛ්‍ය  නිලධාරී කාර්යාල හා රෝහල්වලින් එන්නත ලබා ගන්නා ලෙසයි.

    Latest News