පියවරුන්ගේ දිනය නිමිත්තෙන් ජනපතිගේ පණිවුඩය...

ජූනි 19, 2022

    අද පියවරුන්ගේ දිනයයි.

    දෙමව්පියන්ට ඇති වටිනා ම සම්පත වන්නේ දරුවන් ය. කුස පිළිසිඳ ගත් දිනයේ පටන් මවක් තම දරුවාට ඇල්මක්, ආදරයක්, සෙනෙහසක් හා රැකවරණයක් දක්වන්නේ යම් සේ ද, පියාගෙන් ද ඒ සියල්ල නොඅඩු ව ලැබේ. පවුලක බර දරනා පියවරුන් වෙහෙස වන්නේ දරුවන්ගේ අනාගතය යහපත් කරනු පිණිස ය. එබැවින් දරුවා මවගෙන් ලද මව්කිරට සේ ම, පියා හෙළන දහඩිය බිඳුවලට ද ණයගැති විය යුතු ය.
    බටහිර රටවල කාර්ය බහුලත්වය හේතුවෙන් දෙමව්පියන් වෙනුවෙන් විශේෂ දිනයක් වෙන් කළ ද; කළගුණ සැලකීම, වැඩිහිටියන්ට සැලකීම වැනි උතුම් ගුණාංග අගය කරන ශ්‍රී ලංකාවාසීන්ට මාපිය උපස්ථානයට එසේ විශේෂ දින අවශ්‍ය නොවේ. එබැවින් සෑම දිනයක් ම ඔවුන් වෙනුවෙන් යොදා ගෙන ඔවුන් රැකබලා ගැනීම දරුවන්ගේ යුතුකමකි. ලොව සියලුම පියවරුන්ට අද දිනය උපහාරයක් ම වේවා! යි මම ප්‍රාර්ථනා කරමි.

    Latest News