නාඳුනන ළමා මෘත දේහයක් වයික්කාල වෙරළ තීරයේ...

ජූනි 18, 2022

    ඊයේ (17) සවස් කාලයේ වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල වෙරළ තීරයට කුඩා ළමයෙකුගේ මෘත දේහයක් ගොඩගසා ඇත.  

    වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෘත ශරීරය සොයාගෙන ඇති අතර අදාල විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. මියගිය ළමයාගේ අනන්‍යතාව මෙතෙක් තවවුරු වී නොමැති අතර වයස අවුරුදු 5ක් පමණ, උස අඩි 04ක් වූ රතුපාට ටී ෂර්ට් එකක් හා කොටු සහිත කොට කලිසමක් හා පාවහන් යුවලක් පැළඳ සිට ඇත.

    මෙම ළමයා 2022.06.15 වන දින රාත්‍රී කාලයේදී වත්තල පොලිස් වසමේ කදිරාන පාලම අසලදී කාන්තාවක් විසින් කැළණි ගඟට විසිකරන ලද කුඩා දරුවාද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    Latest News