අතුරුදන්වූ දැරියගේ සිරුර හමුවෙයි...

මැයි 28, 2022

    බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ දී ඊයේ සිට අතුරුදන්වී සිටි දැරියගේ සිරුර නිවස ආසන්නයේ වගුරු බිමක තිබී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇත.   

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබුණේ, නිවසට ආසන්න මීටර් 150ක පමණ  CCTV කැමරා ක්‍රියාත්මක නොවන ප්‍රදේශයකදී දැරිය කිසියම් සිදුවීමකට මුහුණපා ඇති බවයි.  පාතිමා අයිෂා නම් 9 හැවිරිදි දැරිය ඊයේ (27) කුකුළු මස් රැගෙන ඒම සඳහා නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි වෙළඳ සැලකට ගොස් තිබුණා. නමුත් ඇය යළින් නිවස වෙත පැමිණ තිබුණේ නැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි. 

    Latest News