කාබුල් බෝම්බ පිපිරීමෙන් 6ක් මරුට

අප්‍රේ 20, 2022

    ඇ‍ෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමෙන් 6 දෙනෙකු මියගොස් තිබේ. පිපිරීම සිදුව ඇත්තේ, පිරිමි පාසලක් ආසන්නයේ. පිපිරීමෙන් තවත් 20 දෙනෙකුට අධික පිරිසක් බරපතල තුවාල ලබා තිබේ. බෝම්බ පිපිරීම් දෙකක් සිදුව ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    අබ්දුල් රහීම්, උසස් පාසල අසළ සිදුවූ පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන් ගණන තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් පවසයි.

    පාසල අසළ පිහිටි උපකාරක පන්ති මධ්‍යස්ථානයකට ද අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    කෙසේ වුවද ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු බාරගෙන නොමැත.

    Last modified on බදාදා, 20 අප්‍රේල් 2022 10:52

    Latest News