මුදල් ඇමති සහ නිලධාරීන් IMF යයි...(වීඩියෝ)

අප්‍රේ 17, 2022
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා පැවැත්වීම සඳහා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු කණ්ඩායමක් අද (17) අමෙරිකාවේ වොෂින්ටං නුවර බලා පිටත්ව ගියා.

    ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ, අද අළුයම පිටත්ව ගිය පිරිසට සිව් දෙනෙකු ඇතුළත් වූ බවයි. මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු මෙම පිරිසට ඇතුළත්.

    අමෙරිකාවේ වොෂින්ටං නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාලයේදී ලබන 19 වැනිදා සිට 24 දක්වා සාකච්ජා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදයට යෝග්‍ය විසඳුම් රැසක් පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    Latest News