නව පාසල් වාරය හෙට (18) ඇරඹේ...

අප්‍රේ 17, 2022

    අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නව පාසල් වාරය හෙට (18) ආරම්භ කෙරෙනවා.

    අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ, මීට පෙර මෙන් හෙටත් සුපුරුදු වේලාවට පාසල් ආරම්භය සහ නිමාව සිදුවන බවයි. කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය කාලයේ පාසල් නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම නිසා අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර තීරණය කර තිබුණේ, සෑම දිනකම වැඩිපුර පැයක් පාසල් පැවැත්වීමටයි. එහෙත්, එම තීරණය තාවකාලිකව අත්හිටුවන බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව, සුපුරුදු පරිදි පාසල් පෙරවරු 7.30ට ආරම්භ කෙරෙන අතර, පස්වරු 01.30ට අවසන් කිරීමට නියමිතයි.

    Latest News