අද පැය 7කට අධික විදුලිය කප්පාදුවක්

මාර් 29, 2022

    අද (29) දිනයේ පැය 7කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

    ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පෙරවරු 8:00 සිට පස්වරු 6:00 අතර කාලය තුළ පැය 5ක කාලයක් විදුලි කප්පාදු කිරීමට සහ පස්වරු 6:00 සිට රාත්‍රී 11:00 අතර කාලය තුළ පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

    එමෙන්ම P,Q,R,S,T,U,V,W කලාප සඳහා පෙරවරු 8:30 සිට පස්වරු 6:30 අතර කාලය තුළ පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සහ පස්වරු 6:30 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    01

    Last modified on අඟහරුවාදා, 29 මාර්තු 2022 08:19

    Latest News