සෙවණගල සීනි සමාගමේ උක් වගාවේ උක් නෙළීම ඇරඹේ...

මාර් 22, 2022

    සෙවණගල සීනි සමාගමේ උක් වගාවේ උක් නෙළීම අද ආරම්භ කෙරුණා.

    ඒ, කර්මාන්ත ශාලාවට දෛනිකව ලැබෙන උක් ප්‍රමාණවත් නොවීම සහ සීනි නිෂ්පාදනය අඩුවීම වලක්වා ගැනීමේ අරමුණින්. මීට සති කිහිපයකට පෙර උක් ගොවීන් උක් නෙළීම නතරකර සත්‍යග්‍රහයක නිරත වුණා. ඒ නිසා ආයතනයට සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ 1,000 කට ආසන්නයි. උක් කැපීම සිදුකරණ පුද්ගලයින් වෙනත් රැකියා සඳහා යොමුවීමෙන් උක් කැපුම් කරුවන්ගේ හිඟයක් ද පවතිනවා.

    මේ නිසා ඇඹරීම සඳහා දිනකට ලැබෙන උක් ටොන් ප්‍රමාණය අඩුවූ බවයි, කර්මාන්ත ශාලාවේ නිලධාරින් පවසන්නේ. පවතින හිඟය මගහරවා ගැනීඹට විකල්පයක් ලෙසයි සේවකයින් සහ නිලධාරින් එක්ව මෙලෙස උක් නෙලීම ආරම්භ කර තිබෙන්නේ.

    Latest News