සමගි ජනබලවේගයේ විරෝධතා පා ගමන...

මාර් 15, 2022

    පවතින ආර්ථික අසීරුතාවලට එරෙහිව සමගි ජනබලවේගයේ විරෝධතාවක් කොළඹදී අද පැවැත්වුණා.

    ඊට දිවයිනේ ප්‍රදේශ රැසකින් සමගි ජනබලවේගයේ පාක්ෂිකයින් විශාල පිරිසක් පැමිණ සිටියා. විරෝධතාකරුවන් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයකින් පැමිණ ගාලු මුවදොර දෙසට ගමන් කළා. විරෝධතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ නායකයින් ද එක්ව සිටියා.

    රට තුළ ඩීසල් හිඟයක් පවතින අවස්ථාවක බස් රථ ගණනාවකින් කොළඹ නගරයට මෙලෙස විශාල පිරිසක් පැමිණ තිබීම විශේෂත්වයක්. විරෝධතාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක ගමනාගමනය අවහිර වූ අතර, විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරතවුණා.

    පිරිසක් ජනාධිපති කාර්යාලයට ඇතුළවීමට උත්සාහ දරුව ද පොලිසිය සහ ආරක්ෂක අංශ සාමකාමීව එය වළක්වාලීමට උත්සාහ දැරූ අයුරු දැකගත හැකිවුණා. එම ස්ථානයේදී සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිිටි පිරිස ඇමතනු ලැබුවා.

    Latest News