අනාගත දරු පරපුර වනසන මත්කුඩු ජාවාරම්කරුවන් මර්දනය කළ යුතුයි; අගමැති

මාර් 06, 2022

    අනාගත දරු පරපුර විනාශ කිරීමට මත්කුඩු ව්‍යාපාර මෙහෙයවන ජාවාරම්කාරයින් මර්දනය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අවධාරණය කරනවා.

    ඒ, නාරම්මල ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමින්. මෙහි දී නාරම්මල ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය වන narammalaps.dolgnwp.lk අන්තර්ජාලයට එක් කිරීම ද සිදු කෙරුණා.

    නාරම්මල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව ඉදි කළ මෙම නව දෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 133කි. මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ පුර නැගුම ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභා අරමුදල් ඒ සඳහා යොදවා ඇත. මෙයට සමගාමීව ඩිජිටල් ආණ්ඩුකරණයට පිවිසීමේ සමාරම්භක පියවරක් ලෙස මාර්ග සිතියම්ගතකරණය ආරම්භ කිරීම ද විශේෂත්වයක්. මෙම අවස්ථාවට ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News